සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2024 15:02

වත්මන් සෞඛ්‍ය ඇමැතිත් ගෙන්වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් එන්නත් රෝහල්වලින් ඉවත් කෙරේ Featured

තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වූ බවට චෝදනා ලැබූ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉවත්ව යෑමෙන් පසු වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා යටතේ මෙරටට ගෙන්වන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලින් එන්නත් තොගයක් වහාම භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ පිහිටි ‘ඉචෝර් බයලොජික්’ (Ichor Biologics Pvt. ltd.) නමැති සමාගම හරහා මෙම එන්නත් තොගය මිලදීගෙන ඇති අතර පසුගිය සතියේ දී එය තත්ත්වයෙන් බාල බවට තහවුරු වීමත් සමග වෛද්‍ය සැපයුම් අංශය විසින් අදාළ එන්නත් රෝහල් වෙත සැපයීම නවතාලීමට පියවර ගෙන තිබේ. අදාළ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් එන්නත් තොගය ගෙන්වීමේ සිද්ධියට සම්බන්ධ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය, ජී. ජී. චමල් සංජීව මහතා ඉල්ලා සිටී.

සුජීව තත්සර

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website