ඉරිදා, 22 සැප්තැම්බර් 2024 14:40

පර්යේෂණ සඳහා රුහුණ වෛද්‍ය පීඨයට දුන් දාහතර ලක්‍ෂයකින් වැඩ ගෙන නෑ Featured

පර්යේෂණ හා ව්‍යාපෘති සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලැබී තිබූ රුපියල් දාහතර ලක්ෂ අටදහස්හාරසිය හැටතුනක මුදලක් වසර හතරකට අධික කාලයක සිට උපයෝජනය කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

පර්යේෂණ හා ව්‍යාපෘති සඳහා ලැබී ඇති මුදල් අදාළ කාර්යය සඳහා භාවිතා කළයුතු බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත. රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකාරිත්වය විසින් මේ සම්බන්ධයෙන් විගණනයට පිළිතුරු ලබාදී නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

රුහුණ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු සඳහන්ව ඇත.

ලලිත් චාමින්ද

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website