සිකුරාදා, 27 සැප්තැම්බර් 2024 10:55

පොලී අනුපාතික ගැන මහ බැංකුවේ අලුත්ම තීරණය Featured

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඊයේ (26) පැවැති රැස්වීමේ දී මේ තීරණය ගත් බව මහ බැංකුවේ නවතම නිවේදනය මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 8.25 සහ සියයට 9.25 ක් වේ.

ඉදිරි කාර්තු කිහිපය තුළ උද්ධමනය සියයට 5 ක ඉලක්කයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතිනු ඇතැයි මණ්ඩලය නිරීක්ෂණය කර තිබේ.

 

DN

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website