සිකුරාදා, 27 සැප්තැම්බර් 2024 11:10

පොහොර සහනාධාරය රු.25,000ට නංවයි Featured

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් 01 වැනිදා සිට හෙක්ටයාරයකට රු. 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබාදී ඇත.

මේ අනුව හෙක්ටයාරයකට ලබාදෙන පොහොර සහනාධාරය රු. 10,000 කින් වැඩිවනු ඇත.

කාර්යක්ෂම හා ඵලදායි ලෙස එම සහනාධාරය ගොවීන් වෙත ලබාදීම සඳහා අදාළ මුදල් ඍජුවම ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කෙරෙන බව රජය කියයි.

නිවැරදි කෘෂි යෙදවුම් කළමනාකරණයක් අරමුණු කර ගනිමින් සාධාරණ මිලට පොහොර ඇතුළු කෘෂි යෙදවුම් ලබාදීම සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වලට අනුව රසායනික හා කාබනික පොහොර ඇතුළු කෘෂි යෙදවුම් සඳහා සහනාධාර ලබාදීම පිළිබඳව නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබෙන අතර ඒ අනුව මෙම පියවර ගත් බවද රජය තවදුරටත් කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website