සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2024 10:50

පාස්පෝට් හත් ල­ක්ෂ­ ප­න­ස්ද­හ­සක් පෞද්ග­ලික සමා­ගම් දෙක­කින් මිලට ගන්න පසු­ගිය ආණ්ඩුව ගත් කැබි­නට් තීර­ණ­යට අතුරු තහ­නමක් Featured

විදේශ ගමන් බල­පත්‍ර හත්ලක්ෂ පන­ස්ද­හ­සක් පෞද්ග­ලික සමා­ගම් දෙක­කින් මිලදී ගැනී­මට පසු­ගිය ආණ්ඩුව ගනු ලැබූ කැබි­නට් මණ්ඩල තීර­ණ­යක් ක්‍රියා­ත්මක කිරීම වළ­ක්වන අතුරු තහ­නම් නියෝ­ග­යක් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය නිකුත් කරන ලදි.

එම විදේශ ගමන් බල­පත්‍ර මිලදී ගැනී­මට එරෙ­හිව ‘එපික් ලංකා පුද්ග­ලික සමා­ගම’ ගොනු­කළ රිට් පෙත්ස­මක් සම්බ­න්ධ­යෙන් කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව ඉකුත් 26 වැනිදා මෙම අතුරු තහ­නම් නියෝ­ගය නිකුත් කෙරිණි. ඔක්තෝ­බර් මස 01 වැනිදා දක්වා බල­පැ­වත් වෙන පරිදි එම නියෝග නිකුත් කරන ලදි. අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ් ලෆාර් තාහීර් මහතා හමුවේ මෙම පෙත්සම කැඳ­වනු ලැබිණි .

එහිදී පෙත්ස­ම්කාර සමා­ගම වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ විරාන් කොරයා මහතා සඳ­හන් කළේ පෞද්ග­ලික සමා­ගම් දෙක­කින් විදේශ ගමන් බල­පත්‍ර හත් ලක්ෂ පන­ස්ද­හ­සක් මිලදී ගැනීම සඳහා ආණ්ඩුව තීර­ණය කර ඇති බවයි. ඒ සඳහා වන කැබි­නට් මණ්ඩල තීර­ණය ඉකුත් සැප්තැ­ම්බර් මස 2 වැනිදා ගෙන ඇති බව ඒ මහතා කීය.

මෙම ගමන් බල­පත්‍ර තොගය මිලදී ගැනීමේ දී නිසි ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලි­යක් අනු­ග­ම­නය කර තීර­ණය කර නැති බව පෙන්වා දුන් ජනා­ධි­පති නීතී­ඥ­ව­රයා එය සම්පූ­ර්ණ­යෙන්ම නීති­යට පට­හැනි බව පෙන්වා දුන්නේය. ඒ අනුව අදාළ තීර­ණය බල රහිත කිරීමේ රිට් ආඥා­වක් නිකුත් කරන ලෙස ඔහු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටියේ ය. කරුණු සලකා බැලූ විනි­සු­රු­ව­රයා ඉහත අතුරු තහ­නම් නියෝ­ගය නිකුත් කළේය. හිටපු මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා, එම අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා ඇතුළු පිරි­සක් මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website