සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2024 14:01

ඡන්දෙට බෙදූ බාර් ලයිෂන් සියල්ල අහෝසියි… Featured

පසුගිය රජය විසින් අවිධිමත් ආකාරයෙන් නිකුත් කර තිබූ මත්පැන් බලපත්‍ර සියල්ල වහා අත්හිටුවීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

මෙම බලපත්‍ර සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් කීපදෙනෙකු කැඳවා විමසීමක්ද සිදු කර ඇත.

මෙම බලපත්‍ර ලබාදුන් ප්‍රමාණය ඒවා ලබා ගත් පුද්ගලයන් පිළිබඳව පූර්ණ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසද එහිදී දැනුම් දී තිබේ.

පසුගිය ආණ්ඩු සමයේ මැතිවරණය ඉලක්ක කරගෙන මත්පැන් අලෙවිසල් 300කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති බව මේ වන විට හෙළිවී ඇත.

 මීට පෙරද අවිධිමත් ලෙස නිකුත් කර ඇති මත්පැන් අලෙවිසැල් බලපත්‍ර පිළිබඳ ව මෙහිදී සොයා බැලීමට නියමිතව තිබේ.

 

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website