ඉරිදා, 29 සැප්තැම්බර් 2024 12:01

සුරාබදු බලපත්‍ර ගැන හෙළිදරව්වක් Featured

ජනාධිපතිවරණ කාලසීමාව තුළ නීතීවිරෝධි ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ සාවාද්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මහතා පවසයි.

ඔහු පැවසුවේ රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා සුරාබදු බලපත්‍ර 172ක් පමණක් නිකුත් කර ඇති බවය.

එමගින් රුපියල් කෝටි 220ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ද සුරාබදු කොමසාරිස්වරයා පැවසීය.

මේ අතර 2023 සහ 2024 වර්ෂවලට අදාළව පවතින හිග බදු එළඹෙන නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් කිරීමට සියලු සමාගම් එකග වී ඇති බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

 

ADN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website