අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2024 09:02

තෙල් මිලේ දැවැන්ත අඩුවීමක් Featured

සුපිරි ඩීසල් රු. 33කින්

පෙට්ට්‍රල් රු.21කින්

ඩීසල් රු.24කින්

භූමිතෙල් රු. 19කින්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට් කෝ ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව නව මිල දර්ශනය මෙසේය.

ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 332ක් ව පැවැති අතර එහි මිල රුපියල් 21කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 311කි. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 307ක්ව පැවැති අතර එහි මිල රුපියල් 24කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 283කි. ලංකා සුපිරි ඩීසල් රුපියල් 352ක්ව පැවැති අතර එහි මිල රුපියල් 33කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 319කි. ලංකා භූමිතෙල් මිල රුපියල් 202ක්ව පැවැති අතර එහි මිල රුපියල් 19කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 183කි. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 377ක්ව පැවැති අතර එහි මිල නොවෙනස්ව පවතී.

රක්ෂණ ශ්‍රියන්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website