සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2024 10:33

වරාය ගුවන් අධිවේගී මාර්ගය විවෘත කරන්න සූදානම්.. Featured

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් දෙසැම්බර් මාසය වනවිට අවසන් කිරීමට නියමිත බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් වලින් 90% මේවන විට අවසන් කර තිබේ.

2019 වසරේ සැප්තැම්බර් මාසයේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි.

අධිවේගී මාර්ගය කිලෝමීටර් 05.3 දිගකින් යුතුවෙයි.

මංතීරු 04කින් සමන්විත අධිවේගී මාර්ගය ඉගුරු කඩේ මංසන්දිය අසලින් නව කැලණි පාලමට සම්බන්ධ වෙයි.

 

එතැන් සිට කුළුණු මතින් ගාලු මෝදර සහ වරාය නගරය දක්වා දිවයයි.

 

මෙම අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමඟ කොළඹ නගරයේ පවතින අධික වාහන තද බදයට විසඳුම් ලැබෙනු ඇතිබව එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

 

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website