සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2024 10:28

කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක් Featured

කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් ඊයේ (04දා) දිනයේ වාර්තා විය.

මේ අනුව ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,000 සීමාව ඉක්මවා ගියේය. එලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,000 සීමාව ඉක්මවා ගියේ 2024 ජූලි 03 වැනි දිනෙන් පසුවය.

සියලු කොටස් මිල දර්ශකය මේ අනුව ඊයේ දිනයේ ඒකක 123.5 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ ඒකක 12,053.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

එසේම ඊයේ (04දා) දිනයේ රු. බිලියන 2.83ක ගනුදෙනු පිරිවැටුමක්ද වාර්තා විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35133 listings, 1280 categories and 92 owners in our website