ඉරිදා, 06 ඔක්තෝබර් 2024 10:46

ආදායම් බදු, VAT අඩු කරනවා.. ඉන්ධන, විදුලි මිල අඩු කරනවා.. බඩු මිල අඩු කරනවා..- හර්ෂණ Featured

හැකි ඉක්මනින් ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු සහන ලබාදීමට රජය සූදානම් බව ජාතික ජන බලවේග ආර්ථික කවුන්සිලයේ සාමාජික ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.

ඉදිරි මහ මැතිවරණයෙන් පසු නව අයවැය ඉදිරිපත් කිරීමත් සමඟ මහජනතාව මත පැටවෙන බර ලිහිල් කිරීමට අවශ්‍ය වෙනස්කම් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය.

‘බාධක විසඳීමට අපි සෑම පාර්ශවකරුවෙකු සමඟම කටයුතු කරනවා. පවතින රාමුව තුළ සහන සැලසිය හැකි ඕනෑම තැනක අපි වහාම ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් වශයෙන්ල වීසා ප්‍රශ්නය ව්‍යවස්ථාදායක වෙනස්කම් නොමැතිව විසඳා ඇති අතර ඉහළ යන ජීවන වියදම මධ්‍යයේ ජනතාවට යම් සහනයක් ලබා දීම සඳහා මෑත කාලීන ඉන්ධන මිල ගැලපුම් සිදු කරන ලදී’ යයිද ඔහු පෙන්වා දෙයි.

නිෂ්පාදන පිරිවැය අධික වීම හේතුවෙන් ව්‍යාපාර ද පීඩාවට පත්ව ඇති බව වෛද්‍ය සූරියප්පෙරුම මහතා පැවසීය.

 

‘බලශක්ති පිරිවැය පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාර සඳහා දැරිය හැකි මට්ටමක පවතින බව සහතික කිරීම සඳහා අපි සූදානම්. ශ්‍රී ලංකාව කලාපයේ ඉහළම බලශක්ති වියදම්වලින් එකක් වන අතර එනිසා අපගේ ව්‍යාපාරවලට ජාත්‍යන්තරව තරඟ කිරීමට අපහසු වේ. උච්චාවචනය වන පොලී අනුපාත හේතුවෙන් මූල්‍යකරණය ඇතුළු නිෂ්පාදන සඳහා වන අධික පිරිවැය අපට බොහෝ අවස්ථාවන් අහිමි කර ඇත’ ඔහු පැවසීය.

 

බලශක්ති පිරිවැය අඩු කිරීම ප්‍රමුඛතාවයක් බව ඔහු පැවසීය.

‘බලශක්ති මිල සියයට 300කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වූ අතර එය අපනයනය සඳහා තරඟ කිරීමට අපට ඇති හැකියාව කෙරෙහි දැඩි ලෙස බලපෑවේය. ව්‍යාපාර සමෘද්ධිමත් විය හැකි මට්ටමකට මෙම වියදම් අඩු කිරීම අපගේ අරමුණයි.

ඒ අතරම පාරිභෝගිකයින්ට යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට හැකි වන පරිදි අපි ඔවුන්ට දැරිය හැකි මිලක් සහතික කළ යුතුය. පවුල්වලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට හැකිවීම, දරුවන්ට පාසල් උපකරණ වෙත ප්‍රවේශ වීම සහතික කිරීම සහ රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සැලසීම මෙයට ඇතුළත්’

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website