සදුදා, 07 ඔක්තෝබර් 2024 09:38

බදු ගෙවා නැතිනම් පදිංචි තැනට එනවා Featured

දේශීය ආදා­යම් කොම­සා­රිස් ජන­රාල්

සැප්තැ­ම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ග­ල­යන්ගේ පරි­ශ්‍ර­යන් වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළ බව දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කරයි.

ස්වත­ක්සේරු ගෙවීම් ක්‍රමය යටතේ සැප්තැ­ම්බර් 30 දිනට පෙර සියලු හිඟ බදු මුදල් ගෙවන ලෙස මීට පෙර බදු ගෙවන්නන්ට දැනුම් දී තිබිණි. ඒ අනුව සැල­කිය යුතු පිරි­ස­ක­ගෙන් බදු ආදායම් එක්රැස් කර ගැනී­මට සමත් වී තිබේ. කෙසේ නමුත් තව­මත් හිඟ බදු මුදල් ගෙවා නොති­බෙන පිරිස වෙත ගොස් මේ ආකා­ර­යට ඒවා අය කර ගැනී­මට තම දෙපා­ර්ත­මේ­න්තුව ඉකුත් සිකු­රාදා (04) පටන් වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළ බව දේශීය ආදා­යම් කොම­සා­රිස් ජන­රාල් සේපා­ලිකා චන්ද්‍ර­සේ­කර මහ­ත්මිය ප්‍රකාශ කළාය.

මෙතෙක් නොගෙවා තිබෙන ස්වත­ක්සේරු ගෙවීම් ක්‍රම­වේද‍ය යටතේ හිඟ බදු මුදල් අය­කර ගැනීමේ දී නීති­මය කට­යුතු ක්ෂණි­කව සපු­රා­ලී­මට ද තම නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දී ඇතැයි කොම­සා­රිස් ජන­රා­ල්ව­රිය කීවාය.

මුදල් අමා­ත්‍යාං­ශය විසින් මේ වසර සඳහා දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තු­වට ලබා දී ඇති ආදා­යම් ඉල­ක්කය රුපි­යල් බිලි­යන 2024කි. ඉන් සැප්තැ­ම්බර් 30 වන විට එයින් රුපි­යල් බිලි­යන 1417ක් රැස් කරනු ඇතැ­යිද ඇය සඳ­හන් කළාය.

එය මේ වසර සඳහා ලබා දී ඇති ආද­යම් ඉල­ක්ක­යෙන් සිය­යට හැත්තෑ­ව­කට වැඩි අග­යක් ගන්නා බව ද ඇය කීවාය.

දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේන්තු ඉති­හා­සයේ එක් වස­රක් සඳහා අය කර ගත යුතු වැඩිම ආදා­යම් ඉල­ක්කය වසර 2024 තුළ අය­ක­ර­ග­න්නැයි තමන්ට ලබා දී ඇතැයි ද ඇය කීවාය.

ඉදිරි මාසයේ දී මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වෙන නිසා තම දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීට වඩාත් කාර්ය­බ­හුල කාල­යක් උදාවී ඇතැයි ද, එසේ තිබි­ය­දීත් කෙසේ හෝ ආදා­යම් ඉල­ක්කය සපුරා ගැනී­මට කට­යුතු කර­න්නැ­යිද තමන් සියලු දෙනාට දැනුම් දී ඇතැ­යිද ජන­රා­ල්ව­රිය පැව­සු­වාය.

DN

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website