සදුදා, 07 ඔක්තෝබර් 2024 09:54

වසරක් තිස්සේ ලක්‍ෂයකට වඩා කෘෂි කර්මාන්තයෙන් ඉවත් වෙලා Featured

පේරාදෙණිය සරසවියේ මහාචාර්ය වසන්ත අතුකෝරළ

වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව තහවුරු වන බව මහාචාර්යවරයා කියා සිටී. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙරට කෘෂිකාර්මික අංශය තුළ පවත්නා විවිධ ගැටලු හේතුවෙන් පුද්ගලයන් කෘෂිකාර්මික රැකියාවලින් ඉවත් වන බවත් රටට අවශ්‍ය කෘෂිකාර්මික නිෂ්පාදන නිපදවීමද පහළ යෑමක් දක්නට ලැබෙන බවත්ය. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද ඔහු පැවසීය.

“පසුගිය වසරක පමණ කාලය තුළ කෘෂි අංශයේ රැකියාවලින් 147,989 පමණ ඉවත් වෙලා තියනවා. කෘෂි අංශයේ සේවා නියුක්ත පිරිස 2023 පළවෙනි කාර්තුව වනවිට 2,187,563 ක් පමණ හිටියා. ඒක 2024 පළවෙනි කාර්තුව වෙනකොට 2,139,574 දක්වා පහළ ගිහින්.

2023 පළවෙනි කාර්තුව වනවිට සමස්ත සේවා නියුක්තියෙන් කෘෂි අංශයේ සේවා නියුක්තිය 26.7%ක් තිබුණේ. නමුත් 2024 පළමුවැනි කාර්තුව වනවිට එය 25.8% දක්වා පහළ යෑමක් පෙන්නුම් කරනවා.”

DVN

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website