අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2024 18:23

රුපියල ශක්තිමත් වීම සහ ඩොලරය දුර්වල වීම ! Featured

පසුගිය සති කිහිපය තුළදීම ව්‍යාපාර ලෝකයේ කතාබහට ලක්වූයේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමයි.

ඩබටපයනවටයෙටයෙ

පසුගිය සැප්තැම්බර් 31 දා ඩොලරයේ ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 293/50ක් වශයෙනි.

ඉන් අනතුරුව ඔක්තෝබර් 10 වෙනි දින වනවිට ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289/94 වශයෙනි.

අද වනවිට ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294/17ක් ලෙස සටහන්වේ.

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමත් සමග කොළඹ කොටස් වෙළඳපොලේ පිරිවැටුම සීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර විදේශ මුදල්වල අගය ද රුපියලට සාපේක්ෂව අඩු විය.
මෙම තත්ත්වය ආර්ථිකයට යම් ධනාත්මක සංඥාවක් නිකුත් කර ඇත.
2022 වර්ෂයේදී ඩොලරයේ අගය රුපියල් 202/= ක් වූවත් ආර්ථික අර්බුදය පාලනයට ලක් කරන අවස්ථාවේදී ඩොලරයේ අගය
රුපියල් 370/= පමණ විය. එය ඉතා ඉහළ අගයක් වූ අතර පසුකාලීනව
එවකට තිබූ රජය
ශ්‍රී ලංකා මහා බැංකුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද ධනාත්මක ආර්ථික ක්‍රියාකාරකම් නිසා පසුගිය ජනාධිපතිවරණය වනවිට ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300/= - 302/= අතර විය.

සරලව විග්‍රහ කලහොත් ඩොලර් අලෙවි කරන්නන් හට එනම් විදේශ ප්‍රේෂණ මෙරටට එවන ශ්‍රමිකයන්ට, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ සංචාරක හෝටල්, විලාස්, කඳවුරු,හොස්ටල් ආදිය පවත්වාගෙන යන කුඩා ව්‍යාපාරිකයන්ට අවම වශයෙන් ඩොලරයට රුපියල්. 295/=, 302 /= ක් අතර මිලක් නොලැබුණොත් එම ව්‍යාපාර පවත්වාගෙන යාම අපහසු වනු ඇත.
ඔවුන්ගේ සේවා මිල ගණන් ඉහළ දැමුවහොත් දැනටමත් යම් ආකාරයට පසුබා ඇති සංචාරකයින්ගේ පැමිණීමද අඩුවනු ඇත.
ශීත සෘතුවේ හෝටල් වෙන්කිරීම් සිදුවන මෙම කාලවකවානුවේදී නවාතැන් ගාස්තු මොනයම් ආකාරයකින් හෝ ඉහල දැමිය නොහැකිය.

මහා පරිමාණ ව්‍යවසායකයින්ගේ පාර්ශවයෙන් ගතහොත් ඩොලරයට අඩු මිලක් ලැබීම ඔවුන්ගේ ව්‍යාපාර ලාභදායිකව පවත්වාගෙන යාමටද අභියෝගයක් වනු ඇත.

ඩොලරය රුපියල් 303/= කට තිබූ අවස්ථාවේදී ප්‍රාදේශීය වතු ( Regional plantation companies ) සමාගම්වල කම්කරුවන්ගේ
වැටුප දිනකට රුපියල් 1800/= කරන ලෙස පරාජයට පත් වූ රජය බලකර සිටියේය. අවසානයේදී ඔවුන් පඩිපාලක සභා සමග එකතු වී දෛනික වැටුප රුපියල් 1450/= ක ප්‍රමාණයකට තීරණය කරන ලදී.
අතිරේකව වර්ෂයකට රුපියල් බිලියන 30ක පමණ වියදමක් දැරීමට ඔවුන්ට සිදුවෙයි.

නැවතත් ක්‍රමානුකූලව හිස ඔසවන මහා පරිමාණ අපනයන සමාගම්වලට විශේෂයෙන් ඇගලුම් අපනයනය කරන සමාගම්වලට
අඩු මිලට ඩොලර් විකිණීමට සිදුවුවහොත් විශාල වශයෙන් විනිමය හුවමාරු අලාභවලට මුහුණදීමට ( Exchange losses )සිදුවනවා ඇත.

විශාල වශයෙන් රටට පැමිණෙන සංචාරකයින් විශේෂයෙන් ඉන්දීය සංචාරකයන් වර්තමාන හුවමාරු අනුපාතයන්ට හුරුවී ඇත.

ඒ අනුව වර්තමාන මිල ගණන් අනුව අඩුම වශයෙන් ඩොලරයට රුපියල් 298/= - 300/= මිලක් ලැබෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය සංචිත පාලනය කළ යුතුව ඇත.
විකිණීම විශාල වශයෙන් විනිමය හුවමාරු අලාභ ලැබීමට හේතු වනවා ඇත.

විශාල වශයෙන් රටට පැමිණෙන සංචාරකයින් විශේෂයෙන් ඉන්දීය සංචාරකයන් මෙම හුවමාරු අනුපාතයට පුරුදු වී ඇත.

ඒ අනුව වර්තමාන මිල ගණන් අනුව අඩුම වශයෙන් ඩොලරය රුපියල් 298/= - 300/= මිලක් ලැබෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය සංචිත පාලනය කළ යුතුව ඇත.
තවද වානීජ බැංකු විසින් විදේශ විනිමය අලෙවිකිරීමේදි තබා ගන්නා
ආන්තිකයද (Margin) මහා බැංකුවේ උපදේශකත්වය මත තීරණය විය යුතුය .

සේන සූරියප්පෙරුම ,
ආර්ථික විශ්ලේෂක.

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website