බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2024 13:21

විභාග වංචා වැළැ­ක්වී­මට ප්‍රශ්න පත්‍ර හැදීම පරි­ග­ණක ක්‍රම­වේ­ද­ය­කට Featured

විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරී­මේදී අර්ධ ස්වයං­ක්‍රිය ක්‍රම­වේ­ද­ය­කට අනුව නිර්මා­ණය කිරීමේ නව ක්‍රම­වේ­ද­යක් ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­යේදී අනු­ග­ම­නය කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය.

විභාග ප්‍රශ්න පත්‍ර පිට­වීම යනාදි වංචා­වන් අවම කර ගැනීම මෙම­ඟින් අපේක්ෂා කරන බවත් අර්ධ ස්වයං­ක්‍රිය ක්‍රම­වේ­ද­ය­කට අනුව ප්‍රශ්න පත්‍ර නිර්මා­ණ­යේදී පුද්ගල දාය­ක­ත්වය අවම කර පරි­ග­ණ­ක­ගත ක්‍රම­වේ­ද­යක් මඟින් ප්‍රශ්න පත්‍ර නිර්මා­ණය සිදු වන බවත් ඒ මහතා කීය.

මෙම නව ක්‍රම­වේ­දය යටතේ වංචා දූෂණ අවම කර ගැනීමේ හැකි­යා­වක් පව­තින්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණත් සමඟ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ ක්‍රියා­ව­ලිය විශාල පරි­ව­ර්ත­න­ය­කට යොමුව ති‍බෙන අතර එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස මෙම නව ක්‍රම­වේ­ද­යන් අනු­ග­ම­නය කරන බව ද හෙතෙම පැව­සීය.

විභාග ප්‍රශ්න පත්‍ර සැක­සීමේ කට­යුතු පුද්ග­ල­යන් සමඟ කරන තාක්කල් වංචා දූෂ­ණ­ව­ලින් සිය­යට සිය­යක් බැහැර වීමට නොහැකි බව ද ඒ මහතා පැව­සු­වේය.

පසු­ගිය කාලය තුළදී ප්‍රශ්න පත්‍ර පිට­වීම ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ යන්ත්‍ර­ණය තුළ ඇති වූ ගැට­ලු­කාරී තත්ත්ව­යක් නොවන බවත් පුද්ග­ල­යන්ගේ විශ්වා­සය හා සම්බන්ධ ගැට­ලු­වක් නිසා විභාග ප්‍රශ්න පත්‍ර පිට­වීම සිදු වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතේ විධි­වි­ධාන සහ දණ්ඩ­නීති සංග්‍ර­හයේ විධි­වි­ධාන අනුව විභාග වංචා­ව­ලට සම්බන්ධ පුද්ග­ල­යන්ට දඬු­වම් ලබා­දීම සිදු කරන අතර වරෙ­න්තු­වක් නැතිව අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි ප්‍රසිද්ධ විභාග පනත සම්පූ­ර්ණ­යෙන්ම අප­රා­ධ­මය වැරදි සඳ­හන් නීති­යක් බව ද ඒ මහතා පැව­සු­වේය.

DN

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website