සෙනසුරාදා, 11 මාර්තු 2023 22:06

ශ්‍රී ලංකා වේ ආයතනික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි මහා චාර්ය ස්ටීව් හෑන්ක් කියයි. Featured

දිගු කාලීන ණය තිරසර භාවයක් ළඟාකර ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාව ආයතනයක ප්‍රතිසංස්කරණ සිදු කිරීම අත්‍යවශ්‍ය බව ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විශේෂඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් ප්‍රකාශ කර තිබෙනවා.

ආජන්ටිනාව,මොන්ටිනීග්‍රෝව වැනි රටවල අලුතින් මූල්‍ය සාර්ථකත්වයන් අත්කරගැනීමේ ක්‍රියාවලින් තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ මහාචාර්ය හෑන්ක්,ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු රොනල්ඩ් රීගන්ගේ ආර්ථීක උපදේශකයෙකු ලෙස ද කටයුතු කළ අයෙක්.


මේ වන විට ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ඔහු සී.එන්.බී.සී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ ආයතනයක ව්‍යුහයන් සහ පාලන රීතීන් වෙනස් නොකළ හොත් ශ්‍රී ලංකාව වැනි රටවල පවතින ආර්ථික අර්බුදකාරී තත්වයන් වෙනස් නොවනු ඇති බවයි.


ශ්‍රී ලංකාවේ ඉහළ පාලන ව්‍යුහය තුළ වසර ගණනාවක සිත කටයුතු කරන්නේ එකම පුද්ගලයන් පිරිසක් බවත් කිසිවක් වෙනස් වී නොමැති බවත් ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.
1965 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගෙන ඇතිමුත් එම සියල්ල සියල්ලම අසාර්ථක වී ඇති බව මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ මතයයි.
එවන් පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්නා නව ණය පහසුකම හරහා තාවකාලික සහනයක් ලැබුණද එය දිගු කාලීන විසඳුමක් නොවනු ඇති බව ඔහු පවසනවා.


දිගු කාලීන විසඳුම් සඳහා ආයතන ප්‍රතිවයුගතකරණයක් පාලන රීති වල ද වෙනසක් සිදු වීම අත්‍යවශ්‍ය බවයි ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් අවධාරණය කරන්නේ.
මේ අතර,මෙම වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලාංකීය විදෙස්ගත ශ්‍රමිකයන්ගේන් ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 407යි දසම 4 ක් දක්වා වැඩි වී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.


ඔහු පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසයේදී පමණක් විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 202 කින් ඉහළ ගොස් ඇති බවයි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website