සෙනසුරාදා, 11 මාර්තු 2023 07:20

ඩොලරයේ විශාල පහල යාමක් මහ බැංකුව මැදිහත් වී නවතයි.. Featured

ඇමරිකා ඩොලරය ශ‍්‍රී ලංකා රුපියල හමුවේ තවදුරටත් සීඝ්‍රයෙන් පහළ යාම පාලනය කිරීමට මහ බැංකුව මැදිහත් වී තිබේ.

ඒ අනුව පසුගිය දින කිහිපය ඉදිරියේ දී ඩොලර් මිලියන 500 ක් පමණ දේශීය විදේශ විනිමය වෙළෙඳ පළින් මිලදී ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර මහතා පැවසීය.

දෙරණ නාලිකාවේ විකාශනය වූ වැඩසටහනකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

“ජනවාරි සිට Mandatory sales සමඟින් ඩොලර් බිලියන 1 ක් පමණ මහ බැංකුවට අරගෙන තියෙනවා. පහුගිය දවස් කිහිපය තුළ මිලියන 500 ක් විතර අරගෙන තියෙනවා. අපි මේ මැදිහත් වීම නොකළා නම් මිල තවත් පහළ එන්නට ඉඩ තිබුණා.“

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website