බ්‍රහස්පතින්දා, 16 මාර්තු 2023 08:42

තවමත් ලංකාවට වැඩිම කැමැත්ත රුසියාවෙන් Featured

මාර්තු මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, මාර්තු මාසයේ පළමු දින 13 තුළ සංචාරකයින් 53,838 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවය.

එම සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 12,762කි.

ඉන්දියාවෙන් 7,348ක්, ජර්මනියෙන් 4,289ක් සහ එක්සත් රාජධානියෙන් 3,937ක් සංචාරකයින් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ඒ අනුව මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 264‍,022 කු දිවයිනට පැමිණ තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website