සිකුරාදා, 17 මාර්තු 2023 19:35

අවිධිමත් ලෙස පෙළපොත් මුද්‍රණයෙන් රජයට රුපියල් කෝටි 9කට අධික පාඩුවක් - විගණන වාර්තාවක් හෙළි කරයි. Featured

වාර්ෂික පෙළ පොත් අවශ්‍යතාව නිවැරදිව හඳුනා නොගෙන පෙළ පොත් මුද්‍රණය කිරීම සහ අවිධිමත්ව ගබඩා කිරීමෙන් රජයට රුපියල් කෝටි 9කට අධික මුදලක පාඩුවක් සිදුව ඇති බව විගණන වාර්තාවක් හෙළි කර තිබේ.

ජාතික විගණන කාර්යාලය මෙම වාර්තාව සකස් කර ඇත්තේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 2018 සිට 2021 දක්වා කාලය තුළ නිකුත් කළ වාර්ෂික වාර්තා පදනම් කර ගනිමිනි.

පෞද්ගලික මුද්‍රණ ආයතන මගින්, රජයේ මුද්‍රණාලය මගින් ලැබිය යුතු පෙළපොත් පිටපත් ලක්ෂ 05කට ආසන්න ප්‍රමාණයක් නිසි පරිදි ලබා ගැනීමට ද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බව අදාළ විගණන වාර්තාවේ දක්වා තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website