සදුදා, 20 මාර්තු 2023 08:20

IMF කමිටු අනුමැතිය අද

මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

මෙරට වේලාවෙන් අද රාත්‍රීයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත අතර එහිදි අදාළ අනුමැතිය ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

එම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 4ක් තුළ ලැබීමට නියමිත අතර එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් මාර්තු මස අගදී ලැබෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය හිමිවීම හරහා තවදුරටත් ණය ලැබීම තුළින් යළිත් රට තුළ දීර්ඝ කාලීන ගැටලු නිර්මාණය වනු ඇති බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website