අඟහරුවාදා, 21 මාර්තු 2023 08:52

මෙරට පුරවැසියන්ට සමෘද්ධිය අත් කරදීම සහතික කළ යුතුයි - ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් මෙරටට අනුමත කළ ණය පහසුකම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නිවැරදි දිශානතියකට ගෙන යාම සඳහා වැදගත් පියවරක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.

මෙරට ආර්ථිකය නිසි පරිදි පවත්වා ගෙන යමින් ණය අර්බුදය අවසන් කිරීමට නම් මෙම ප්‍රතිසංස්කරණ හා ණය ප්‍රතිව්‍යුවහගකරණ මෙලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව ද ඇය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

දිගු කාලීනව සිදු කරගෙන යන මෙම ප්‍රතිසංස්කරණ යහ පාලනයෙන් සහ විනිවිදභාවයකින් යුතුව සිදු කරමින් මෙරට පුරවැසියන්ට සමෘද්ධිය අත් කරදීම සහතික කළ යුතු බවත් ජූලි චන්ග් මහත්මිය පැවසුවා ය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website