සෙනසුරාදා, 25 මාර්තු 2023 16:44

අපනයන ආදායම සියයට 8කින් පහළට Featured

ශ්‍රී ලංකාවේ 2023 වසරේ අපනයන අංශයේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා රේගු දත්ත වාර්තා පෙන්වා දී ඇත.මෙම වසරේ පෙබරාවාරි මස ඇමෙරිකානු ඩොලර් බිලියන 1.0052 ක ආදායමක් වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයා තිබේ.

පසුගිය වසරේ පෙබරවාරි මසට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මස අපනයන ආදායම සියයට 8.06 ක පහළ යාමක් වුවත් 2021 වසරට සාපේක්ෂව එය සියයට 5.62 ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා රේගු දත්ත වාර්තා වල දැක්වේ.

මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස වල ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.98 ක් ලෙස සටහන් වේ.පසුගිය වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස සමඟ සසඳන විට මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ අපනයන අදායම සියයට 9.68 කින් පෙර වසරට සාපේක්ෂව පහල ගොස් ඇත.

මෙම වසරේ ජනවාරි මස වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 978 ලෙස සටහන් වන අතර එය පසුගිය වසරේ ජනවාරි මසට සාපේක්ෂව සියයට 11.3 ක පහළ යාමකි.

ඇඟලුම් අංශය මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 485ක අදායමක් උපයා ගනිමින් වැඩිම අපනයන ආදායමක් ඉපැයූ අංශය බවට බවට පත්ව ඇත.නමුත් පසුගිය වසරේ පෙබරවාරි මසට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මස ඇඟලුම් අංශයේ අපනයන ආදායම 2.32 කින් අඩු වී ඇත.

ඇඟලුම් අපනයන ආදායම පොදුවේ සියයට 14.75 කින් අඩු වුවද, 2022 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2023 පෙබරවාරි මාසයේදී රෙදිපිළි අපනයන ආදායම සියයට 146.67 කින් වැඩි වී තිබේ.

පසුගිය වසරේ පෙබරවාරි මසට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මස තේ අපනයන අදායම සියයට 9.14 කින් වැඩි වී ඇත.

 

(විමුක්ති එස් රොද්‍රිගූ)

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website