සදුදා, 27 මාර්තු 2023 18:39

මෙරට සිල්ලර ඉන්ධන වෙළෙදපොළ සඳහා පිවිසීමට තවත් විදෙස් සමාගම් 3කට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. Featured

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුයක් නිකුත් කරමින් පවසන්නේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් සදහා එම අනුමැතිය ලැබුණු බවයි.

දැනට ඛණිජතෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 150ක ඔවුන් ඉන්ධන බෙදාහැරීම සිදුකරන අතර අදාළ සමාගම් නව ඉන්ධන පිරවුම්හල් 50 ක් අලුතින් ඉදිකිරීමට ද නියමිතයි.

එම සමාගම් සඳහා වසර 20ක බලපත්‍රයක් හිමිවෙන අතර එමගින් ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ අලෙවි කිරීමට අවසර හිමිවෙනවා.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website