බ්‍රහස්පතින්දා, 30 මාර්තු 2023 11:51

ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency ) භාවිතය සහ එහි ආයෝජනය අවධානම් - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් Featured

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රිප්ටෝ මුදල් භාවිතය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි.

දිනෙන් දින ඉහළ යන මහජන වීමසීම් හමුවේ මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි.

මහ බැංකුව පෙන්වා දෙන්නේ ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයක් බවය.

මෙම ක්‍රිප්ටෝ මුදල්, ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) හෝ ඒ හා සමාන තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාවට නංවන, වටිනාකම් පිළිබඳ ඩිජිටල් නිරූපණයක් ලෙස හැඳින්විය හැකිය.

මේ පිළිබඳ මහබැංකුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි

Read PDF

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website