සෙනසුරාදා, 01 අප්‍රේල් 2023 09:59

කලකට පසු ආනයන වියදම සහ අපනයන ආදායම සමාන වේ Featured

මේ වසරේ ගත වූ පෙබරවාරි මාසයේදී ආනයන වියදම් සහ අපනයන ආදායම සමාන වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබී ඇති අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1කි. එම මාසයේම ආනයන වියදමද ඩොලර් බිලියන 1කි.

මීට පෙර බොහෝ අවස්ථාවලදී දැකගත හැකි වූයේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් ඉහළ ගොස් තිබූ අයුරුයි.

ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී අපනයන ආදායම ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 1යි දශම 1ක් ලැබෙද්දී ආනයන සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1යි දශම 9ක් වැය කර තිබුණා. සමස්තයක් ලෙස ගත්කළ මේ වසරේ පළමු මාස දෙකේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2ක්. එහෙත් ආනයන වියදම අමෙරිකානු ඩොලර් බිලියන 2යි දශම 4කි.

කෙසේ වෙතත් ඉකුත් වසරට සාපේක්ෂව එය සැලකිය යුතු පහළ යාමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකු දත්තවල දැක්වෙන්නේ. 2022 මුල් මාස දෙකේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2යි දශම 2ක් වෙද්දී ආනයන වියදම අමෙරිකානු ඩොලර් බිලියන 3යි දශම 8ක්ව පැවතුණි.

 

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website