සදුදා, 17 අප්‍රේල් 2023 12:00

පැය 48ට අධිවේගීයෙන් කෝටි ගාණක ආදායමක් Featured

අධිවේගී මාර්ගයේ ඉකුත් පැය 48 ක කාලය තුළ (අද අලුයම 6 දක්වා) රුපියල් 7 කෝටි 55 ලක්ෂ 8100 ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පැවසීය

එම කාලය තුළ වාහන දෙලක්ෂ 56225 ක ප්‍රමාණයක් ධාවනය වී ඇතැයි ඒ මහතා කිය.

මාරාන්තික අනතුරු නොවීම විශේෂත්වයක් බවත් ධාවනය වූ වාහන ගැටීමෙන් අධිවේගී මාර්ගයේ ස්ථාන 41 දේපළවලට පමණක් අලාභ සිදු වී ඇති බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය , කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉකුත් 15 දින හා 16 දින භාවිතා කිරීමෙන් ආදායම ලැබී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website