සදුදා, 17 අප්‍රේල් 2023 21:17

රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබාදීමට පෞද්ගලික රෝහල් කටයුතු කළ යුතුයි - GMOA Featured

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා පෞද්ගලික රෝහල් තම අය කිරීම් හා සේවා ගාස්තු අඩු කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වන විට ඖෂධ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගිය බවත් රුපියල ශක්තිමත් වන විට එහි වාසිය ජනතාවට ලැබී නොමැති බවයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ.

ඖෂධ හිඟයට කඩිනම් විසඳුම් ලබාදීමට අමතරව පෞද්ගලික අංශයේ රෝහල්වල සේවා ගාස්තු නියාමනය කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website