සෙනසුරාදා, 29 අප්‍රේල් 2023 20:31

විදෙස් සංචාරකයන්ගේ නිදහස වැඩි කරන්න ආරක්ෂක දැලක් Featured

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හා ඔවුන්ට නිදහසේ සංචාරය කිරීමට අවශ්‍ය වටපිටව සකස් කිරීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකාවට එන සංචාරකයන් ත්‍රිරෝද රථ හිමියන්ගේ විවිධ අකටයුතුකම් නිසා පීඩාවට පත්වන බවටත් යම් පිරිසක් ඔවුන්ගේ දේපොළ සොරකම් කරන බවටත් සංචාරක හෝටල් හිමියන් පිරිසක් විසින් කළ දැනුම්දීමකට අනුව සාගල රත්නායක මහතා මෙම උපදෙස් දී තිබේ.

ඉකුත් සතියේ මහා පරිමාණ සංචාරක හෝටල් හිමියන් සේම කුඩා හෝටල් හිමියන් ද ඇතුළුව පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මුණ ගැසී මේ කරුණු පැමිණිලි කර තිබිණි.

එහිදී හෝටල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර මේ වන විට රටෙි ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නැතත් විමසිල්ලෙන් සිටීම සුදුසු බව සාගල රත්නායක මහතා පෙන්වා දී තිබේ.

එසේම හෝටල්වල පිහිටීම පිළිබඳ දළ සැලැස්මක් ආරක්ෂක අංශ සතුව තිබිය යුතු බව ද මෙහිදී රත්නායක මහතා අවධාරණය කර තිබේ.

 

අංජුල මහික වීරරත්න

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website