සදුදා, 01 මැයි 2023 20:48

ජනගහනයෙන් 85%ක් විකල්ප ජීවන ක‍්‍රම සොයති… ණය වෙති.. ආහාර අඩු කරති..- මහ බැංකුව Featured

මෙරට ජනගහනයෙන් සියයට 85 ක් මුදල් ණයට ගැනීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වූ විදයම් අඩු කිරීම, ඉතුරුම් වියදම් කිරීම හා ගෙවීමට ඇති ණය මුදල් කල්දැමීම වැනි ජීවනෝපාය මත පදනම් වූ විකල්ප ආර්ථික උපායමාර්ග වෙත යොමුවී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ලෝක ආහාර වැඩසටහනේ දුරස්ථ, ගෘහස්ථ, ආහාර සුරක්‍ෂිතතා, සමීක්‍ෂණයට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇත. එම සමීක්‍ෂණයට අනුව 2022 වර්ෂය අවසාන වන විට මෙරට ජනගහනයෙන් සියයට 68 ක් පමණ ආහාර ගන්නා ප්‍රමාණය අඩු කිරීම. ආහාර වේල් ගණන අඩු කිරීම, අඩු රුචිකත්වයක් දක්වන ආහාර මත යැපීම වැනි විකල්ප ආහාර උපායමාර්ග වෙත යොමුවී ඇති බව ද මෙකී වාර්තාව මගින් පෙන්වා දී ඇත.

මේ අතර ජනගහනයෙන් සියයට 40 ක් පමණ අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වූ වියදම් කපාහැරීම වැනි ක්‍රියාමාර්ග හරහා විකල්ප උපායමාර්ග වෙත යොමුවී ඇත.

එමෙන්ම සේවා නියුක්තියෙන් වැඩි කොටසක් අවිධිමත් අංශයේ රැකියාවල නිරතව සිටින බව ද මෙම සමීක්‍ෂණ වාර්තාව මගින් පෙන්වා දී ඇත. ජනගහනයෙන් සියයට 14.3 ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වීම තුළ ආර්ථික අර්බුදයේ පීඩනය වඩාත් උග්‍රවිය හැකි අතර එය ජනතාවගෙන් විශාල පිරිසක් දරිද්‍රතාවට ඇදදැමීමට හේතුවිය හැකි බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

 

ලලිත් චාමින්ද

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website