බදාදා, 10 මැයි 2023 20:23

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින්ට සුබ ආරංචියක් Featured

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින්ට ආරම්භක අවධියේ සිට ඉදිරියට ඒමට දිරිමත් කරන හා අනුග්‍රහය දක්වන Spiralation වැඩසටහන සඳහා 2023 වසර වෙනුවෙන් නව අයදුම්පත් භාරගැනීම මේ වන විට ආරම්භ කර ඇත.
 https://bit.ly/Spiralation2023සබැඳිය ඔස්සේ සම්බන්ධ වෙමින් අයදුම්පත් යොමු කළ හැකි අතර අයදුම්පත් භාර ගැනීම මෙම මස 29 වැනි දායින් අවසන් වේ.
 
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA)විසින් මෙම Spiralation වැඩසටහන සංවිධාන කරනු  ලබන අතර එය ආරම්භ කරන ලද්දේ 2010 වසරේදීය.
 
මෙම Spiralation වැඩසටහන සඳහා එක් වන නවෝත්පාදකයින්ට  තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියට ඒමට එම වැඩසටහන මහත් අත්වැලක් වී තිබෙන අතර එම ක්ෂේත්‍රයේනවෝත්පාදකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙරට ක්‍රියාත්මක වැඩසටහන් අතරේ Spiralation වැඩසටහනට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.
 
Spiralation වැඩසටහන මඟින් නව්‍ය ව්‍යාපාරිකයින්(Startup)  දැනුවත් කිරීම්, නව ව්‍යවසායකයන් හඳුනාගැනීම, වෙළෙඳපොළ අවස්ථා උදාකරදීම,නව්‍ය ව්‍යාපාරිකයින්(Startup)සඳහා අරමුදල් සැපයීම,  සහ උපදේශනය මඟින් ආරම්භක පරිසර පද්ධති(Startup ecosystems) සංවර්ධනය සඳහා  සහාය දක්වයි.
 
Spiralation වැඩසටහන යටතේ මේ දක්වා සවිබලගැන්වූ නව තොරතුරු තාක්ෂණ නවෝත්පාදකයින් ගණන130 ඉක්මවා ඇත.
 
Spiralation වැඩසටහන යටතේ සාර්ථක වන නවෝත්පාදකයින්ට SpiralationDemo Day වැඩසටහන හා එක් වීමට අවස්ථා උදාවන අතර එහි විශේෂත්වය වන්නේ ඔවුන්ගේ නවෝත්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා ගෙන යෑමට අවකාශ සැලසීමයි.
 
තාක්ෂණික අධ්‍යාපන,  ඉ-වාණිජ්‍ය , බ්ලොක් චේන්, ක්ලීන් ටෙක්, රොබෝ තාක්ෂණය, අධ්‍යාපනික පරිගණක ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර  යටතේ ඉකුත් 2022 Spiralation වැඩසටහන සඳහා ඩිජිටල් තාක්ෂණික නවෝත්පාදන විසඳුම් ඉදිරිපත් කර තිබිණි.
 
SpiralationDemo Day මඟින් ඇගයීමට ලක් වු තාක්ෂණික නවෝත්පාදන සමාගම් වන්නේAce Academy, One Smart Bee, Perks, X-Fly (Qubebots), Study Buddy Zone, Micro Rewards සහ Zerotrash වේ.
 
ඊට අමතරව එදින 2022 Spiralation වැඩසටහන සම්පුර්ණයෙන් නිමා කළ තාක්ෂණික නවෝත්පාදන සමාගම් 15 ක් ඇගයීමට ලක් කෙරිණි. එම ඇගයීමට ලක් වු නවෝත්පාදන සමාගම් වන්නේ‍ Ace Academy Holdings (Pvt) Ltd, CircuitBreakers Robotics (Pvt) Ltd, EDUS Lanka (Pvt) Ltd, Stag Space (Pvt) Ltd, I 2 C Associates (Pvt) Ltd, Sanasuma Healthcare (Pvt) Ltd, Shopbook (Private) Ltd, Qubebots (Pvt) Ltd, Vibhava Solutions (Pvt) Ltd, AgGen (Pvt) Ltd, Fintech Digital (Pvt) Ltd, GreenChain (Pvt) Ltd, Lawganizer (Pvt) Limited, Ma Baby Digital (Pvt) Ltd, Crossborder Payments (Pvt) Ltd, OneSmartBee (Pvt) Ltd, සහ Turtty's Educational Services (Pvt) Ltd වේ. 
 
Spiralation වැඩසටහනෙහි උපායමාර්ගික සහකරු වශයෙන්  බ්‍රැන්ඩික්ස් ලංකා ආයතනය කටයුතු කරන අතර මෙවර පවත්වන ලද Spiralation Demo Day වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රහයකයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ Bug Zero සමාගමවේ.
 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website