සෙනසුරාදා, 10 ජූනි 2023 10:48

ගුවන්තොටුපොළට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක් Featured

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටත්ව යන ගුවන් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.

සිංගප්පූරු සමාගමක් සමග පසුගිය 08 වන දා මෙම ගිවිසුම්ගතවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මේ සඳහා අවශ්‍ය මූලික පහසුකම් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන අතර, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරනු ලබනවා.

මේ වන කටුනායක ගුවන් තොටුපොළ තුළ දිනකට ගුවන් මගීන් 19,000ක් පමණ සංසරණය වන අතර, එය කොරෝනා වසංගතයට පෙර 28,000ක තරම් ඉහල අගයක පැවතුණා.

මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියරේදී පිටත්වීමේ පර්යන්තයේ ස්වයංක්‍රීය ආගමන විගමන පිවිසුම් කවුළු (E - Gates) දෙකක් ස්ථාපිත කරන අතර, ඉන් මාස 08 කට පසුව පැමිණීමේ පර්යන්තයේත් එවැනි කවුළු 02ක් ස්ථාපිත කිරීමට සුලසුම් කර තියෙනවා.

ලෝකයේ බොහෝ රටවල ගුවන්තොටපොළ තුළ මෙවැනි ස්වංක්‍රීය ආගමන විගමන පාලන පද්ධති ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා සිංගප්පූරුවේ "තාලස් ඩිස්" සමාගම විසින් නිෂ්පාදිත මෘදුකාංග භාවිතා කරනු ලබනවා.

 

DN

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website