×

පණිවුඩය

The previous listing was the first listing in the category. There are no listings before the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.

සිකුරාදා, 09 ජූනි 2023 09:35

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවයි Featured

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන හෙට (10) හම්බන්තොටින් ආරම්භ කෙරේ.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.


දැනට අප රටේ කෘෂිකර්මාන්තය තුළ වී වගාවේ නිරතව සිටින ගොවි ජනතාවගෙන් සියයට 80ක් අවුරුදු 50 ඉක්ම වු වැඩිහිටියෝ වෙති. වී වගාව තුළ තරුණ ප්‍රජාවේ නියෝජනය සියයට 20ක් පමණ සුළු ප්‍රමාණයකි. නමුත් ඉහළ ආදායමක් ඉපයිය හැකි එළවළු, පලතුරු හා මල්වගාව ආශ්‍රිතව දැනට තරුණ ප්‍රජාවේ ඉහළ නියෝජනයක් දක්නට ලැබෙන බව තොරතුරු මගින් අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙලෙස තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

එහි සමාරම්භය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 06ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස නම් කර විවිධ කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් තරුණ ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අමරවිරු පියමග 32 වැඩ සටහනට සමගාමීව මෙම තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම හෙට (10) තිස්සමහාරාමයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර යන ගම්මාන දෙක ද, අනිද්දා(11) වීරකැටිය කැප්පිටියාව උතුර ගම්මානය ද තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස නම් කර කෘෂිකර්ම වැඩ සටහටහන් ආරම්භ කිරීම සිදු කෙරේ.

 

DMN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website