බ්‍රහස්පතින්දා, 08 ජූනි 2023 19:33

ලංකාව හා ඉන්දියාව අතර මගී නෞකා සේවා කඩිනමින් Featured

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී යාත්‍රා, නෞකා සේවා කඩිනමින් ආරම්භ කිරීම සම්බන්ධයෙන්වන සහයෝගීතාවය පිළිබඳව කරුණු සාකච්ඡා කර ඇත.

ඒ කොළඹ ඉන්දියානු මන්දිරයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහතා පසුගියදා(05) ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවූ අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.


එම හමුවේ දී දෙරට අතර සමුද්‍රීයා හා වෙළෙඳ නාවික සබඳතාවයේ ප්‍රගතිය හා කලාපයේ සමුද්‍ර ක්ෂේත්‍රෙය් සංවර්ධනය උදෙසා දෙරට අතර ඒකාබද්ධ කටයුතු පිළිබඳ සාකච්ඡා විය.

කොළඹ වරාය විසින් සැලසුම් කර ඇති ඉදිරි සංවර්ධන කටයුතු සදහා සහභාගී වීමට ඇති කැමැත්ත ද මහ කොමසාරිස්වරයා මෙහිදී සදහන් කළේය.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 29915 listings, 1184 categories and 93 owners in our website