බ්‍රහස්පතින්දා, 08 ජූනි 2023 08:49

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නංවන්න තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට Featured

  • රජය ගත් තීන්දු තීරණවලින් විදේශ ප්‍රේෂණ ඉහළ ගිහින්
  • ආනයන භාණ්ඩ සීමා ලැයිස්තුව 1216 දක්වා පහතට

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා මේ සති අග ඉවත් කරන බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවැසීය. ඒ අනුව දැනට ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216ක් දක්වා අඩු වී ඇති බව ද හෙතෙම කීවේය.

සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණපාන ගැටලු පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පැවැති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා රජය විවිධ තීන්දු ක්‍රියාත්මක කළ බවත් බහුතර ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ගනු ලැබූ මෙම තීන්දු තීරණවලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ තවදුරටත් අපහසුතාවට පත් වූ බවත් ඒ මහතා කියා සිටියේය.

නව බදු හඳුන්වා දීම, පොලී අනුපාත ඉහළ නැංවීම සේම ආනයන සීමා ඉහළ නැංවීමට රජය පියවර ගත්තේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීම සේම විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙන් බව ද සියඹලාපිටිය මහතා කීවේය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය. රජය ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල මේ වන විටත් ලැබෙමින් පවතිනවා. විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. 2022 වසරේ අප්‍රේල් මාසය තුළ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 24.9ක් වූ අතර මෙම වසරේ එම කාලය තුළ පමණක් ඩොලර් මිලියන 45.4ක් විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. රුපියල 20%කින් පමණ අධිප්‍රමාණය වුණා. උද්ධමනය 70% සිට 25.5% දක්වා අඩු වී තිබෙනවා. විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බැංකු පොලී අනුපාත ද 2.5%කින් පමණ පහළ දමා තිබෙනවා.

මේ සියල්ලේ ප්‍රතිඵල ජනතාවට ලැබෙමින් පවතින අවස්ථාවක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාට ද සිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කරනවා.

ස්වර්ණා විජේකෝන් සහ

නුවන් කොඩිකාර

336 x 200 Sinhala

World News

Image

Stats

There are 29915 listings, 1184 categories and 93 owners in our website