බදාදා, 14 ජූනි 2023 10:24

බටලීයේ කජු ලියන්ගේ දුක් අඳෝනාව Featured

පාස්කු දා ප්‍රහාරයත්, කොරෝනා වසංගතයත් හේතුවෙන් අඩාළ වූ තමන්ගේ වෙළෙඳාම් කටයුතු මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු නැත්තටම නැතිවී ගිය බව බටලීයේ කජු ලියන් පවසයි. කජු වෙළෙඳාම සියයට 90කින් පමණ පහත වැටී ඇති අතර,

අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු කොළඹ මහනුවර මාර්ගයේ ගමන් ගන්නා වාහන ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවලට පමණක් සීමාවීම හේතුවෙන් මේ තත්ත්වය වඩාත් බරපතළ වී තිබේ. මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් කජු මිලදී ගැනීම ද පහත බැස තිබේ. බටලීය ප්‍රදේශයේ මාර්ගය දෙපස කජු වෙළෙඳාම් කරන කුඩා කුටි සියයකට අධික ප්‍රමාණයක් මෑතක් වනතුරු තිබුණත් අද වන විට එම කුටි ප්‍රමාණය විසිපහක් තිහක් තරමට පහත වැටී ඇත.

කොටදෙනියාව සමූහ - එම්. පී. කුමාර

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website