බ්‍රහස්පතින්දා, 15 ජූනි 2023 10:58

බ්‍රසීලයේ නියෝජිතයින් පිරිසක් පැල්වත්තේ සංචාරයක Featured

රජයේ ආරාධනයක් මත ශ්‍රීලංකාව හා බ්‍රසීලය අතර සීනී නිෂ්පාදනය හා බැඳි කරුණු සොයාබැලීම සහ අධ්‍යනය කිරීම සඳහා බ්‍රසීලයේ සීනි නිෂ්පාදනයට සම්බන්ධ ආයතන වල නියෝජිතයින් පිරිසක් ඉකුත් (13) වෙනිදා ලංකා සීනි සමාගමට අයත් සීනි කර්මාන්තායතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

එම කණ්ඩායම ක්ෂේත්‍රයට ගොස් උක්වගාව පරීක්ෂාකළ අතර කර්මාන්ත ශාලාවට පැමිණ නිෂ්පාදන කටයුතු පිළිබඳවද සොයාබලනු ලැබීය.


ඉදිරියේදී ලංකාවේ සීනි නිෂ්පාදනය ඉහළ මට්ටමෙන් පවත්වාගෙනයාම සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ උපදෙස් ඔවුන් විසින් ලංකා රජයට ලබාදීමට නියමිතය.

ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන් මහතා, ශ්‍රීලංකා උක්පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් සහ ලංකා සීනි සමාගමේ පැල්වත්ත හා සෙවනගල ඒකකයන්හි නිලධාරීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website