බදාදා, 21 ජූනි 2023 10:13

පාන් – බනිස් මිල රු. 10 කින් බස්සයි Featured

ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක සහ බනිස්, මාළුපාන්, රෝල්ස්, පැටිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඊයේ (20 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

මෙහි වාසිය අද (21 දා) සිටම පාරිභෝගික ජනතාවට ලබාදෙන ලෙස ද හෙතෙම සියලු බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටියේය. පාන්පිටි ආනයනය කිරීමේ තහනම ඉවත් කළහොත් පාන් ගෙඩියක් රුපියල් 100 දක්වා අඩුකළ හැකි බව ද හෙතෙම කීය.

එන්. කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද කීය.

අපට රුපියල් 35 ට බිත්තර ලැබෙනවා. ඩීසල්, පෙට්‍රල්, ගෑස් මිල අඩු වුණා. මේ සහනය අපි පාරිභෝගික ජනතාවට දෙන්න තීරණය කළා.

රජයෙන් තව දෙයක් ඉල්ලන්න කැමතියි.

පාන්පිටි පිටරටින් මේ රටට ගේන එක තහනම් කරලනෙ තියෙන්නේ. ඒ තහනම ඉවත් කරලා දුන්නොත් පාන් ගෙඩිය රුපියල් 100 දක්වා අඩු කරන්න පුළුවන්. ඒ වගේම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලත් හුඟක් අඩු කරන්න පුළුවන්.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website