අඟහරුවාදා, 20 ජූනි 2023 09:46

සිමෙන්ති ආනයන බදු ඉහළට Featured

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ජූනි මස 17වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

ඒ අනුව කෘතිම ලෙස වර්ණ ගැන්වු හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා ඇත.

ඊට අමතරව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමේන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා වූ රුපියල් 5ක සෙස් බද්ධ රුපියල් 8 දක්වා ඉහළ දමා ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරැම්වලින් තොග වශයෙන් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝගෑම් 1ක් සඳහා අයකළ රුපියල් 3ක බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා තිබේ.

 

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website