සදුදා, 19 ජූනි 2023 11:03

ගොඩවෙල්ලාට බය වෙන්න එපාලු Featured

මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා විසින් මෙම කාරණය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත. තවදුරටත් යම් යම් ස්ථානවල සුළු වශයෙන් හෝ දළඹුවන් සිටිය හැකි වුවත් ඒ සඳහා බියට පත් නොවන ලෙසත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරින් දැනුම්වත් කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවත් ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කරයි.

මෙම දළඹු හානිය මුළුමනින්ම පාලනය කළ හැක්කක් වන බැවින් කෘෂිකර්ම නිලධාරින් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස ද ඔහු සඳහන් කළේය.එමෙන්ම මෙම දළඹු හානිය කිසිසේත්ම සමස්ත අස්වැන්නමට බලපෑමක් එල්ල නොවන බවත්, මේ වනවිට දළඹු හානිය මුලුමනින්ම පාලනය කර ඇති බැවින් ඒ සම්බන්ධව සැකයක් ඇති කර ගත යුතු නැතැයි ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.මේ අතර පසුගිය මහ කන්නයේ දී මාධ්‍ය විසින් දිගින් දිගටම වාර්තා කළ ගොයම් කහවීම කිසිසේත්ම රෝග තත්ත්වයක් නොවේ. පසෙහි නයිට්‍රජන් ඌණවීම නිසා ගොයමට බලපෑ පෝෂණ ඌණතාවයක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

මෙම යල කන්නයේ ද එවැනි ගොයම් කහවීමේ තත්ත්වයක් ඇති විය හැකි බැවින් බන්ඩි පොහොර අනිවාර්යෙන්ම යොදන ලෙසත්, ගොයම් කහවීමක් සිදු වුවහොත් බන්ඩි පොහොර හා යුරියා මිශ්‍ර කර කුඹුරුවලට යෙදීම මගින් ගොයම් කහවීම පාලනය කර ගත හැකිවා මෙන්ම අස්වැන්න ද ඉහළ නංවාගත හැකි බව ආචාර්ය ජයන්ත සේනානායක මහතා පැවසීය.

 

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website