සදුදා, 26 ජූනි 2023 10:55

දවස් පහේ බැංකු නිවාඩුව පිලිබඳ මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් Featured

රජය සහ මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ජුනි මස 30වැනි සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ අනුව එයට හේතුව වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම බව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලපාරාසයක් අවශ්‍ය බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තු කමිටු තුළ සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

ඒ අනුව දීර්ඝ බැංකු නිවාඩු කාලය තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු බයි මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ දී මෙරට කිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් නොවන බවය.

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website