අඟහරුවාදා, 04 ජූලි 2023 10:28

ගෑස් මිල රු. 3000ටත් වඩා අඩු වෙයි Featured

මූල්‍ය අර්බුදයට පෙර තිබූ මිලටම එයි

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් අද (04) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිත අතර, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3000ට වඩා අඩු මුදලකට මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හෙට (05) සිට හිමිවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සෑම මාසයකම මුල් සතියේ සිදුකෙරේ. මෙම මිල සංශෝධනය අද (04) ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, මේ අනුව මෙරට මූල්‍ය අර්බුදයට පෙර ගෑස් සිලින්ඩරයක් පැවැති මිල ගණන් දක්වා මිල අඩුවීමක් මෙවර සිදු විය හැකි බව ද හෙතෙම කීවේය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල අඩුවීමේ ප්‍රමාණය අනුව කිලෝග්‍රෑම් 5 සිලින්ඩරවලද මිල මේ අනුව පහත යනු ඇත. මේ වන විට ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3186ක්, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1281ක් සහ කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 598ක් ලෙස මේ වන විට පවතී. ගෑස් මිල සූත්‍රයට අනුව සිවුවැනි වතාවටත් පිට පිට ගෑස් මිල අඩුවීම ද විශේෂත්වයක් වේ.

අනුර ප්‍රේමලාල්

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website