අඟහරුවාදා, 04 ජූලි 2023 10:12

Air China ගුවන් සේවය කටුනායකට Featured

ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය ඊයේ (03) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මීට වසර තුනකට පමණ පෙර මෙම චීන ජාතික ගුවන් සේවය , ශ්‍රී ලංකාව වෙත සිදු කළ ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබුණි .

මෙම ප්‍රථම මංගල ගුවන් යානය සදහා ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .

චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු ( Chendu ) නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මෙම චීන ජාතික ගුවන් සේවයේ සී.සී.ඒ.- 425 (C.C.A.- 425) දරන ගුවන් යානය ඊයේ රාත්‍රී 08.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි
මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 142 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙකු ද පැමිණ සිටියහ .

මින් පසුව මෙම චීන ජාතික ගුවන් සේවයේ ගුවන් යානා පැය පහයි විනාඩි තිහක ගුවන් ගමනක යෙදෙමින් , සෑම සතියකම සදුදා , බදාදා සහ සිකුරාදා යන දින වල චීනයේ චෙන්ඩු නුවර සිට රාත්‍රී 08.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එම ගුවන් යානා එදිනම රාත්‍රී 10.15 ට කටුනායක සිට චීනයේ චෙන්ඩු බලා පිටත්ව යාමට නියමිතය .

මෙම ප්‍රථම මංගල ගුවන් යානය පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන්ග් ( Qi Zhen Hong ) , චීන ජාතික ගුවන් සේවයේ ආසියා ෆැසිපික් කළාපීය කළමනාකරු ෂූයි ජුන් ( Xue Jun ) යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website