බදාදා, 05 ජූලි 2023 08:46

ලිට්‍රෝ ගෑස් රු. 204කින් බසී Featured

12.5Kg - රු. 2982

5Kg - රු. 1,198

2.3Kg - රු. 561

රුපියල් 3186කට පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අද (05) සිට රුපියල් 2982කට මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

මේ මස මිල සූත්‍ර සංශෝධනයට අනුව ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204කින් පහළ දැමීමට පියවර ගත් බවත් ඒ අනුව රුපියල් 3000කට අඩු මිලකට ගෑස් සිලින්ඩරයක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වන බවත් ඒ මහතා කීවේය.

ලිට්‍රෝ මිල සංශෝධනය සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා එම සමාගම් පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය.

ගෑස් මිල සංශෝධනයේදී අඛණ්ඩව සිවුවැනි වරටත් මෙලෙස මිල පහළ යෑම විශේෂත්වයකි. නව මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,198ක් වේ. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින් පහත දමා ඇති අතර එහි නව මිල 561ක් වේ.

ලබන වසර මුලදී මාබිම කර්මාන්ත ශාලාව ගෑස් සිලින්ඩර 50,000ක් නිකුත් කිරීම සඳහා විවෘත කිරීමට නියමිත බව ද මෙහිදී පීරිස් මහතා පැවසූ අතර මෙම තීරණය ගනු ලැබුවේ දිනෙන් දින ගෑස් පරිභෝජනය වැඩි වීම හේතුවෙන් බව ද කීවේය.

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website