බදාදා, 05 ජූලි 2023 09:05

ගෑස් මිල අඩු වුවන් කෑම මිල අඩු කරන්නෑ..- හෝටල් හිමියන්.. Featured

ගැස් මිල අඩු කලද බිත්තර සහ ආහාර පිසිමට යොදා ගන්නා අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිල අඩු මිලට නොලැබෙන නිසා තමන්ට ආහාර පාන අඩු මිලට පාරිභෝගිකයන්ට ලබාදිය නොහැකි බව ආපනශාලා හිමියන් කියයි.

ආපනශාලා පවත්වාගෙන යාමේදි සේවක වැටුප් එලවළු මිල කුකුල් මස් මිල ,තිරිගු පිටි මිල ඉහල මිලකට ලබා ගන්නා බවත්, ඒ අනුව අඩු වු ගැස් මිලට සමගාමිව පාරිභෝගිකයන්ට තම ආපනශාලා වල නිෂ්පාදනය කරනු ලබන ආහාර අඩු මිලට ලබාදිය නොහැකි බව ආපනශාලා හිමියන් පැවසිය.

පාරිභෝගික ජනතාව කියා සිටින්නේ ගැස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල රජය මගින් අවස්තා කිහිපයකදි අඩු කලද ව්‍යාපාරිකයන් අඩු කල මිලට තමන්ට ආහාර ලබා නොදෙන බවයි එම පාරිභෝගිකයන් කියා සිටින්නේ.

රංජිත් රාජපක්ෂ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website