අඟහරුවාදා, 11 ජූලි 2023 10:24

මහනුවර මහ රෝහල පන්සීයේ බෙහෙත පන්දහසකට පිටින් අරන් – ඖෂධ හිඟයෙන් ලොක්කන්ගේ ‘කල්ල මරේ’ Featured

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානය රුපියල් පන්සියයක් වටිනා ‘මෙරපනම්’ නම් ඉහළ ප්‍රබලතාවකින් යුත් ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පියක් මහනුවර මහ රෝහල විසින් රුපියල් පන්දහස බැගින් ගෙවා බාහිරින් මිලදී ගැනීමෙන් රජයට මිලියන ගණනක පාඩුවක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය කියයි.

රට තුළ දැඩි ඖෂධ හිඟයක් පවතින බැවින් බොහෝ රෝහල්වල මෙවැනි හදිසි ඖෂධ මිලදී ගැනීම් හරහා රජයට කෝටි ගණනක පාඩු ලබන්නට සිදුව ඇතැයි ද එම ඒකකය පෙන්වා දෙයි.

සාමාන්‍ය ඖෂධ මිලදී ගැනීමට මුදල් නොමැති බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවැනි හදිසි මිලදීගැනීම් සඳහා මුදල් ලබා දෙන්නේ කෙසේදැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ප්‍රශ්න කරයි.

ඖෂධ හිඟය මෙරට ජනතාවට පීඩාවක් වුවත් ඉහළ නිලධාරීන්ට එය ‘කල්ල මරේ’ තත්ත්වයක් වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතත් එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් බව ද එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ‘දිවයින’ට පැවසීය.


සුජීව තත්සර

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website