අඟහරුවාදා, 25 ජූලි 2023 11:03

ණය ප්‍රතිව්‍යූහගත කරන තෙක් මොකුත් කරන්න බෑ.. සියලුම ව්‍යාපෘති ඇනහිටී.! Featured

කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිකිරීම් නැවතී ඇති බවත්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් වෙනත් විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතීන්ද ඇනහිට ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදි සදහන් කරයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන තවදුරටත් සදහන් කළේ,

“අපි කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු ඉතා විශාල බිල්පත් ප්‍රමාණයක් නිරවුල් කරලා නැහැ. ඒ නිරවුල් කිරීමේ කටයුත්ත මේ දිනවල කරගෙන යනවා. ලක්ෂ 50ට අඩු සියලු දෙනාගේ ගෙවීම් ගෙවලා අවසන් කරලා තියෙන්නේ. අධිවේගී මාර්ග ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන ඒවාට කලින් අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රකාරව තමයි කටයුතු කරන්න වෙන්නේ. මේ සඳහා මූල්‍ය සපයා ගැනීම සඳහා රජයත් ඒ සඳහා අදාළ ආයෝජකයනුත් සමඟ ගිවිසුම්වලට එළඹිලා තියෙනවා.

අධිකරණ කටයුතු ඉක්මනින් නිම කරලා පුළුවන් තරම් ඉක්මනට මේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියෙන් පස්සේ තමයි මේ යෝජනා ක්‍රම ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් වශයෙන් වෙනත් විදේශ ආධාර යටතේ ආරම්භ කරලා තියෙනවා කොහුවල හන්දියේ ගුවන් පාලමක්. ඊළඟට ගැටඹේ ගුවන් පාලමක්. මේක වෙන විදේශ ආධාරයක් යටතේ ආරම්භ කරලා තියෙන්නේ. මහා මාර්ගය ඉදිරිපිට ඔක්කෝම කණු දාලා තියෙනවා.

අපි ණය ගෙවන්න බැරි බංකොලොත් රටක් කිව්වට පස්සේ ඒ අනෙක් ගිවිසුමුත් ඔක්කෝම නතර වෙලා තියෙනවා. ඉතිං ඒ නිසා මේ ණය ප්‍රතිව්‍යූහගතකරණය කර ගත්තේ නැත්නම් ආණ්ඩුව කාගේ තිබුණත් කවුරු අමාත්‍යධූරය දැරුවත් මේ කිසිදෙයක් කරන්න බැහැ, මේ ණය ප්‍රතිව්‍යූහගතකරණය කර ගෙන අර්බුදය විසඳා ගත්තේ නැත්නම්.

ඒක තමයි තියෙන ජාතික ප්‍රශ්නය. අපි ඒ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා සක්‍රීය ලෙස දායක වෙනවා. දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත්, ඊළඟට අනෙක් ණය ගිවිසුම් සමඟත්, ආයෝජනයන් සමඟ ඇති කර ගෙන තිබෙන සියල්ල අත්හිටවෙලා තිබෙන්නේ. ඒක නිසා ඒ ගැටළුව අපි හිතනවා ලබන වර්ෂය මුල වෙන කොට විසඳා ගන්න පුළුවන් වෙයි.”

 

UN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website