බදාදා, 26 ජූලි 2023 08:35

රුපියල් 250,000.00 කින් පොල්තෙල් ආනයනය බද්ද ඉහළ යන ලකුණු !!!! Featured

පිරිපහදු කරන ලද පොල්තෙල් ආනයනයේදී කිලෝවක් සඳහා විශේෂ බදු විධිවිධාන යටතේ රජය කිලෝවක් සඳහා රුපියල් පහලොවක බද්දක් අය කරන අතර එය ටොන් එකක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස් දහසකි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසු ගිය සතියේ බොහෝ මාධ්‍යයන් ඔස්සේ කියා සිටියේ මෙම බද්ධ තවත් රුපියල් 25කින් වැඩි කරන බවයි.
ඒ අනුව ආනයනයේදී ගෙවිය යුතු බද්ද කිලෝවක් සඳහා රුපියල් 40 ක් වන අතර ටොන් එකක් සඳහා ලක්ෂ හතරක් වේ.

පසුගිය සති දෙක තුළදී දේශීය වෙළඳපොලේ පොල්තෙල් මිල රුපියල් 535/= ක් දක්වා අඩු වී ඇත.
මේ සම්බන්ධනේ ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ මෙම මිල අඩු කිරීම එක්තරා සමාගම් තුනක් විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දක් බවයි.

මෙම කෘතිම මිල අඩුවීමට හේතු වී ඇත්තේ පොල්තෙල් සහ ෆාම්තෙල් ආනයනය කිරීමේදී වරායේදී නිශ්කාෂනයට පෙර තීරුබදු ගෙවිය යුතු වුවත් මෙම සමාගම් හතරක් සඳහා ගුදම්ගත තීරුබදු ගෙවීමේ පහසුකම් ලබාගෙන ඇති නිසාය. (Bonded ware house)

කෘතිමව මිල පහල දැමූ පොල්තෙල් සඳහා ඉදිරි සතිය තුලදී අධික තීරු බද්දක් පැනවීම තුල
මිල ඉහල ගිය විට අධික ආදායමක් ලබා ගැනීම සඳහා කටයුතු සිදුවෙමින් පැවතීම රාජ්‍ය මුදල් ඇමතිවරයා නොදැනවත්ව වන ක්‍රියාවලියක් නොවන බවද ව්‍යාපාරිකයන් පෙන්වා දෙයි.

මෙයට හේතු වී ඇත්තේ දැනටමත් රට තුල ටොන් දහදාහකට ආසන්න පිරිපහදු කරන ලද පොල්තෙල් ගබඩා කර ඇති අතර ඇමතිතුමාගේ මෙම නිවේදනයත් සමඟම මෙම සමාගම්වලට අද පවතින තීරු බද්ද ( 15/=)
ගෙවා තොග නිදහස් කළ කර ගත හැකි බවත් ඉදිරි සතියේදී රුපියල් 25ක තීරු බද්ද පැනවීමෙන් අනතුරුව අනිකුත් ව්‍යාපාරිකයන්හට මෙරටට ආනයනය කරන පොල්තෙල් සඳහා වැඩි තීරු බද්දක් ගෙවීමට සිදුවීම නිසා වෙළඳපොළේ තරඟකාරීත්වයක් නොමැතිවම මෙම අදාල ව්‍යාපාරියකයන් හතරදෙනාට තම පොල්තෙල් ආනයනික තීරු බද්දත් සමඟම ලබා ගැනීමට හැකිවන බවයි.

සාමාන්‍යයෙන් ආනයන ආහාර ද්‍රව්‍ය සඳහා දේශීය වෙළඳපොළ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තීරුබදු පැනවීම කරනු ලබන්නේ ඉතාමත්ම රහසිගතව වන අතර සතියක් ඉදිරියේදී මෙවැනි බද්දක් පැනවීම නිවේදනය කිරීම ඇමතිවරයා නොදැන වූවක්ද යන්න මේ වන විට සමාජයේ දැඩි කතා බහට ලක්වී ඇත.

දේශීය පොල්තෙල් වෙළඳපොළ ආරක්ෂා කර ගැනීම සඳහා ගනු ලබන තීරණය මේ වන විට නිවැරදි නොවන අතර පසුගිය සතිය තුල ඩොලරය ඉහල යාම නිසා පොල්තෙල් කිලෝවක මිල රුපියල් 565 දක්වා ඉහල ගොස් ඇත.
මෙම සතිය තුලදී තව දුරටත් ඩොලරයේ මිල ඉහල ගියහොත් තෙල් ගනන්ද මිල ඉහල යනු ඇත.

ඊට සමගාමීවම දේශීය පොල්තෙල්වල මිලද ඉහළයාම නිසා පාරිභෝගිකයා පිට මෙම බදු බරත් පැටවේ.

තීරු බදු පැනවීමෙන් රජයට ඉහල ආදායමක් ලබා ගැනීම ඇමතිවරයා අපේක්ෂා කළත් ලබා දී ඇති විශේෂ සහන කාලය තුලදී සියලුම ගුදම් හිමි
ආනයන කරුවන් අඩු තීරු බද්ද ගෙවීම තුල සහනය ලැබෙන්නේ දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට හෝ රජයට නොව ගුදම් පහසුකම් යටතේ රට තුළ පොල්තෙල් ගබඩා කර ඇති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පමණි.

පිටකොටුව ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සාමාජිකයකු සදහන් කර සිටියේ තරගකාරී මිල ගනන් යටතේ අද වෙළදාමක් සිදු නොවන බවත් රජයේ අනුග්‍රය ලබන කිහිප දෙනෙකු පමණක් අධික ලාභ ලබන බවත්ය.
පොල් තෙල් වලටත්, තිරිඟු පිටිවලටත් සීනී වලටත් ක්‍රියාත්මක වන්නේ පාරිභෝගිකයා ගසා කන ඒකාධිකාරීයක් බව ඔහු තව දුරටත් පැවසීය.

 

 

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website