බදාදා, 26 ජූලි 2023 09:25

ශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකයි.. ඉදිරියේදී තවත් කඩා වැටෙනවා..- බ්ලුම්බර්ග් Featured

ශ්‍රී ලංකා රුපියල මේ මාසයේ දී ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්ව තිබෙන බව බ්ලුම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.

වසරේ මුල් භාගයේ දී ආසියාවේ ක්‍රියාකාරී මුදල් ඒකකය වූයේද ශ්‍රී ලංකා රුපියල බවත් පවසන එම වාර්තාව මෙම වසර අවසාන වන විට ඩොලරයක් ශ‍්‍රී ලංකා රුපියල් 355 පමණ ඇති බවද පුරෝකථනය කරයි.

වසරේ මුල් අර්ධයේදී ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වය සහිත මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල වෙමින් 19%කින් ශක්තිමත් වූ නමුත් ජුනි මාසයේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති බවත් ඔවුන් කියා සිටියි.

ඉදිරියේදී පොලී අනුපාත අඩුවීම හා ආනයන සීමා වන ලිහිල් කිරීම හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය විය හැකි බවත් ඔවුන් සඳහන් කරයි.

අඛණ්ඩව සති දෙකක් ඇතුළත රුපියල් 6% කින් පමණ අවප්‍රමාණය වී ඇති බවද බ්ලුම්බර්ග් කියා සිටියි.

 

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website