ජාත්‍යන්තර පුවත්

සුප්‍රකට බටහිර ගායිකා මැඩෝනාගේ ලෝ වටා සංගීත චාරිකාව අතරතුර බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර කොපකාබානා මුහුදු වෙරළේ නොමිලේ පැවැති සංගීත ප්‍රසංගය නැරැඹීමට ලක්ෂ 16ක ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සහාභාගි වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

සංවේදී දර්ශන සහ ප්‍රකාශ මුදා හැරීම වැළැක්වීමේ අරමුණ ඇතිව චීනයේ සමාජ මාධ්‍යජාලා පාලනයට එරට රජය පනවා ඇති නීතිරෙගුලාසි ඊයේ සිට දැඩි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශරීර ස්ථූලතාව පාලනය සඳහා වඩාත් සුදුසු පළතුරු කෙසෙල් බව හඳුනාගෙන තිබේ.

එ.ජා.ගෝලීය ජල සුර­ක්ෂිතතා වාර්තා­ව­කින් හෙළි වෙයි

ලොව පළමුවරට සඳෙහි අඳුරු කලා­පය ගවේ­ෂ­ණය කිරීමේ මෙහෙ­යු­මක්

ජපානයේ ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එතෙක් මෙතෙක් කිසිදු ගමන් මලු නැති වීමක් සම්බන්ධව පැමිණිලි නොලැබූ ලොව එකම ගුවන්තොටුපොළ බවට ගුවන් තොටුපොළ වර්ගීකරණ සිදු කරනු ලබන බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් ස්කයිට්‍රැක්ස් ආයතනයේ වාර්තාවකින් සඳහන් වී තිබේ.

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව ප්‍රංශයේ පැරිස් නුවර සෝබෝන් පලස්තීන හිතවාදී විශ්වවිද්‍යාලයීය සිසු සිසුවියෝ විරෝධතා ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අධිකරණයට අපහාස කළ බවට නිගමනය කරමින් නිව්යෝර්ක් නුවර අධිකරණයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් 9,000ක දඩයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

- කූඩාරම් කඩා විරෝධතාව විසුරුවා හැරීමේ උත්සාහයක

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website