සෙනසුරාදා, 27 අප්‍රේල් 2024 08:57

පාකි­ස්තාන තරු­ණි­ය­කට ඉන්දීය හද­ව­තක් බද්ධ කරයි Featured

දරුණු හද­වත් රෝග­ය­කින් පීඩා විඳි­මින් සිටි පාකි­ස්තාන ජාතික 19 හැවි­රිදි තරු­ණි­ය­කට ඉන්දීය ජාති­ක­ය­කුගේ හද­ව­තක් සාර්ථ­කව බද්ධ කිරීමේ පුව­තක් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කළේය. ඇයට බද්ධ කර ඇත්තේ නව­දිල්ලි නුවර මොළය මිය ගිය 69 හැවි­රිදි පුද්ග­ල­ය­කුගේ හද­ව­තක් බව ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

චෙන්නායි නුවර එම්ජී­එම් රෝහ­ලේදී එම සැත්කම සිදු කර ඇති අතර, ඒ සඳහා රාජ්‍ය නොවන සංවි­ධා­න­යක මූල්‍යා­ධාර ලැබී ඇතැයි ද වාර්තා වේ.

වසර 5ක් පුරා හෘද­යා­බා­ධ­ය­කට ගොදුරු වී සිටි අයේෂා රෂාන් නමැති මේ තරු­ණිය 2019 දී පළ­මු­ව­රට ඉන්දි­යා­වට පැමිණ ඇති අතර, එව­කට අඩි­යාර් පළාතේ මලාර් රෝහලේ සේවයේ නිර­තව සිටි ජ්‍යෙෂ්ඨ හෘද රෝග විශේ­ෂඥ බාල­ක්‍රි­ෂ්ණන් ඇයට හද­ව­තක් බද්ධ කළ යුතුව ඇතැයි නිර්දේශ කර ඇති අතර, ඒ සඳහා රජයේ අව­යව බද්ධ කිරීමේ ආය­ත­නයේ ලියා­ප­දිංචි වී පොරොත්තු ලේඛ­නයේ රැඳී සිටිය යුතු බව දැනුම් දී තිබේ. ඒ අනුව පසු­ගිය ජන­වාරි 31 වැනිදා ඇයට එම සැත්කම සිදු කර ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website